Sunday, September 22, 2024

General line - 0115112241

දයා මාස්ටර් රිමාන්ඩ්




වේලායුදන් දයානිධි හෙවත් දයා මාස්ටර් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සෂිමහේන්ද්‍රන් මහතා අද (10) නියෝග කළා.

දයා මාස්ටර් නමැත්තාට රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් රාජ්‍ය නිළධාරීන් හතරදෙනෙකු ශරීර ඇප ලබාදිය යුතු බවට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබ තිබුණා.

ශරීර ඇප ලබාදීම වෙනුවෙන් රාජ්‍ය නිළධාරීන් අද දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් අදාළ ශරීර ඇප සඳහා රාජ්‍ය නිළධාරීන් හෙට (11) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් දයා මාස්ටර් මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබුණේ.

අවසන් යුධ සමයේ සාමාන්‍ය ජනතාව ප‍්‍රාණ ඇපයට ගැනීම සම්බන්ධයෙන් දයා මාස්ටර් නමැත්තා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලබාදුන් කටඋත්තරයක් පදනම් කර ගනිමින් ත‍්‍රස්ත විමර්න පනතේ කොන්දේසි මත දයා මාස්ටර් වෙත ත‍්‍රස්ත විමර්ශන ඒකකය නඩු පවරනු ලැබුවා.