Saturday, April 20, 2024

General line - 0115112241

NDB බැංකුව වෙතින් ZEE නමින් නූතන යෞවනයට ගැලපෙන ගිණුමක්




තාක්ෂණය රජයන සමයක ‘Generation Z’ හෙවත් නව යෞවනයන් පරම්පරාව ලෝකය වෙනස් කරමින් අනාගතය හැඩගැස්වීමේ කර්තව්‍යයේ නියැලී සිටියි. සම්මතයන්ට අභියෝග කිරීමට තරම් නිර්භීත, තමන්ගේම සාර්ථකත්වයේ මාවතක් සකසා ගැනීමට සූදානම් ඔවුහු ලෝකයේ අසීමිත අවස්ථාවන් දකින අතර ඉන් ‍ප්‍රයෝජන ගැනීමට බිඳකුදු මැළි නොවෙති.

බියෙන් තොර බව පමණක් නොව, තාක්ෂණය සමඟම උපන් ඔවුහු එහි සුවපහසුකම් සියල්ල ම රිසි සේ විඳින්නෝය. තාක්‍ෂණය ඔවුන්ගේ හැකියාවන් විවර කරන කැඩපතක් මෙන්ම, එකිනෙකා සමඟ සම්බන්ධ වීමට භාවිතා කරන මාධ්‍යයක් බවට පත්ව ඇත. අන්තර්ජාලය සමඟ සැවිටම සිටිනා ඒ නව පරම්පරාවේ ඩිජිටල් ගමන වෙනුවෙන් අත දීමට NDB බැංකුව ZEE ඩිජිටල් ඉතුරුම් ගිණුම හඳුන්වා දී තිබේ.

NDB Zee ගිණුම අවුරුදු 18 සිට 28 දක්වා වූ තරුණ ප්‍රජාවට වත්මනටත්, අනාගතයටත් ගැලපෙන පරිදි  ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වූ, අවස්ථාවන් ගොන්නකින් සුසැදි ලොවක් විවර කර දෙයි.

ඩිජිටල් ලෝකයේ නිම්හිම් දත් මේ යෞවන පරපුරේ අවශ්‍යතාවන් හොඳින් හඳුනන NDB Bank බැංකුව NDB Zee ගිණුමක් විවෘත කිරීමට ශාඛාවක් වෙත හෝ නොයා වීඩියෝ KYC (Know Your Customer) ක්‍රමවේදයෙන් අන්තර්ජාලය හරහා ම සියලු අනන්‍යතා තහවුරු කිරීම් සඳහා අවස්ථාව සලසා දී තිබේ.

ඒ අතරම, දැනටමත් එම වයස් කාණ්ඩවල සිටින NDB ගණුදනුකරුවන්ට තම වත්මන් ශිල්ප ළමා ගිණුම්ද NDB Zee ගිණුම් බවට පරිවර්තනය කරගත හැක. සියලු අවශ්‍යතා සපුරාලීමෙන් පසුව ගිණුම් හිමියාට පිළිගැනීමේ දිරි දීමනා පැකේජයක් සමඟ ආකර්ෂණීය ඩෙබිට් කාඩ්පතක්, සහ මොබයිල් ටොප්-අප් පහසුකම ලැබේ.

තරුණ තරුණියන්ට සාර්ථකත්වය සඳහා අවශ්‍ය මෙවලම් ලබා දෙමින් සහ අභිලාෂයන්ගෙන් පිරිපුන් දිවි ගමනක් ආරම්භ කිරීමට ඔවුන්ව පොළඹවන NDB Zee ගිණුමෙහි අරමුණ වන්නේ Zee ගිණුම් හිමියන්ට ඔවුන්ගේ ජීවිතයේ එක් එක් සන්ධිස්ථාන සාක්ෂාත් කර ගැනීමට මඟ පෑදීමයි. NDB Zee ඉහල දක්ෂතා දක්වන තරුණ තරුණියන්ට විශේෂ ත්‍යාග පිරිනමයි. ඒ අනුව NDB බැංකුව විසින් යම් Zee ගිණුම්හිමියෙක්, අ.පො.ස. උ/පෙ විභාගයේ දිවයිනේ ප්‍රථමයා වුවහොත් රු. 100,000ක්ද, දිස්ත්‍රික් ප්‍රථමයා වුවහොත් රු. 10,000ක් වැනි දීමනා පිරිනමනු ලබයි. මේ අතර, ගිණුම් හිමියාට අවශ්‍ය වූ විට උසස් අධ්‍යාපන ණය සහ උපදේශන සේවා ද ලබා ගැනීමට ද හැකි වේ.

ගිණුම් හිමියෙකු 21 වන වියට පා තැබූ විට, රැකියාවක නිරත වීම වෙනුවෙන් උපහාර ත්‍යාගයක් ලබා දෙනු ඇති අතර, ක්‍රෙඩිට් කාඩ්පතක් සහ වැටුප් අත්තිකාරම් සඳහා අයදුම් කිරීමට ද හැකි වේ. මීට අමතරව, සියලුම ගිණුම් හිමියන්ට විශේෂ කාඩ්පත් දීමනා, දුරකථන සේවා සපයන්නන්ගෙන් වට්ටම්, ශරීර සුවතා මධ්‍යස්ථාන සාමාජිකත්වයන්, අන්තර්ජාල වෙළඳපළ දීමනා සහ ඔවුන්ට ගැලපෙන තවත් අවස්ථා ගණනාවක් සඳහා ද සුදුසුකම් ලැබේ. NDB Zee ගිණුම් හිමියන් සඳහා උසස් අධ්‍යාපන විකල්ප, වෘත්තීය ප්‍රගතිය සහ ව්‍යාපාර ආරම්භය සහ වර්ධනය සම්බන්ධයෙන් උපදේශන සේවා ද ලබා ගත හැක. ඔවුන්ට ඔවුන්ගේ Zee ගිණුම සමඟින් ප්‍රමුඛතම ඩිජිටල් බැංකු අත්දැකීම වන NDB NEOS භුක්ති විඳීමටද හැකි වනු ඇත. NDB Zee තම සේවාලාභියා ස්ථීර පදනමක් සහිතව ස්ථාපිත වන තුරු ඔවුන් වැඩිහිටි වියට පිවිසෙන තීරණාත්මක වසරවලදී ඔවුන් සමඟම රැඳ‍ෙනු ඇත.

NDB ZEE යනු NDB බැංකුවේ ඩිජිටල් ගමනේ තවත් එක් වැදගත් අංගයක් වන අතර රටේ තරුණ තරුණියන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකු සේවා සපයන්නා බවට පත්වීමේ අරමුණින් ඩිජිටල් බැංකු ක්ෂේත්‍රය ගවේෂණය කිරීම, ආයෝජනය කිරීම සහ සංවර්ධනය කිරීමට බැංකුව අඛණ්ඩව කටයුතු කරනු ලැබේ.

තරගකාරීත්වය මධ්‍යයේ වුව ද NDB බැංකුව අඛණ්ඩව ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියෙකු ලෙස තම සේවාදායකයින්ට මෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයින්ට නව බැංකු ක්‍රම හඳුන්වා දෙමින් සිටියි. ඒ අනුව, ශ්‍රී ලංකාව සඳහා වූ Asiamoney Best Bank Awards හි දී NDB බැංකුව "2021 හොඳම ඩිජිටල් බැංකුව" ලෙසත්, ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් Global Finance සඟරාව විසින් “2021 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව” ලෙසත්, එක්සත් රාජධානියේ බෑන්කර් සඟරාව “ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව” ලෙසත් සම්මානයට පාත්‍ර විය. NDB යනු ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම ලයිස්තුගත බැංකුව වන අතර NDB සමූහයේ මව් සමාගම වේ. ශ්‍රී ලංකාවේ ඇති එකම මූල්‍ය සේවා සමූහය වන NDB සමූහය සිය සියලුම සමාගම් නිෂ්පාදන හා සේවා පිරිනැමීම් වෙත සිය ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීම තුළින් ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළේ වර්ධනයට හා සංවර්ධනයට සහාය වන්නකු ලෙස සුවිශේෂී ස්ථානයකට එළැඹ සිටියි.