Monday, May 6, 2024

General line - 0115112241

මහා පරිමාණ ව්‍යාපාරිකයින් ජාත්‍යන්තරයට යාමට කටයුතු කළ යුතුයි



මෙරට තුළ සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයින් රට තුළම තව තවත් සිය විවිධ ව්‍යාපාර ආරම්භ කරනවා වෙනුවට ජාත්‍යන්තරයට යාමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා වරලත් අලෙවි ආයතනයේ "ද බ්‍රෑන්ඩ් එක්සලන්ස්” (THE BRAND EXCELLENCE) සම්මාන ජූරියේ සාමාජික, ජනප්‍රිය ගායන ශිල්පී සන්තූශ් වීරමන් පවසනවා. 

ලෝකප්‍රකට ඇපල් සමාගම ඊට උදාහරණයක් බවයි ඔහු පැවසුවේ. රටේ ව්‍යවසාය නැංවීමට නම්, නව නිපැයුම්කරුවන් හා නව ව්‍යවසායන් සදහා සාධනීය අදහස් ඇති අය මෙන්ම ආයෝකයන් හා පහසුකම් සපයන්නන් මුණගස්වන ක්‍රියාකාරී ආයතනයක් අවශ්‍ය බවද සන්තූශ් වීරමන් පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.

ලෝකයේ ඇතිවී තිබෙන නව ව්‍යවසායක අවස්ථා නිවැරදිව හදුනාගත යුතු බවත්, ශ්‍රී ලංකාවට වාසි සහගත එවැනි ව්‍යවසායක අවස්ථා ගණනාවක් නිර්මාණ වී ඇති බවත් මෙම අවස්ථාවට එක්වූ ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ පැවසුවා.