Wednesday, May 8, 2024

General line - 0115112241

තලේබාන් සංවිධානයෙන් උද්‍යානවලටත් තහනමක්




ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් විසින් පොදු විනෝද උයන් සදහා පිවිසීමට  අදාළව නව තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව කාන්තාවන් සහ පිරිමින්ට එකවර සහ එකම දිනවලදී උද්‍යාන තුළට ඇතුළ් විය  නොහැකිය.

ස්පුට්නික් පුවත් සේවය වාර්තා කර ඇති පරිදි, බදාදා සිට සෙනසුරාදා දක්වා පිරිමින්ට උද්‍යාන සදහා පිවිසීමට හැකියාව තිබෙනවා. කාන්තාවන්ට උද්‍යානවලට ඇතුලු විය හැක්කේ ඉරිදා සිට අගහරැවාදා දක්වා කාලය තුළයි.

මේ අතර පසුගියදා තලේබාන් පාලකයන් විසින් කාන්තාවන්ට හය ශ්‍රේණියෙන් ඉහළට අධ්‍යාපනය ලැබීම තහනම් කළ අතර එය අන්තර්ජාතික ප්‍රජාවේ දැඩි විරෝධයට හේතුවී තිබෙනවා.

විදෙස් විචාරකයන් පවසන්නේ තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානය තුළ දැඩි මූලධර්මවාදී පාලනයක් ස්ථාපිත කිරීම වේගවත් කර ඇති බවයි.