Thursday, May 9, 2024

General line - 0115112241

සීක් ජාතිකයන් ඝාතනය කිරීම ගැන ඉන්දියාව පකිස්තානයට විරෝධය දක්වයි




පාකිස්ථානයේ කයිබර්පක්තුන්ක්වා පළාතේ සීක් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉන්දියාව ,පාකිස්තානය වෙත අවධාරණය කර තිබෙනවා.

පෙශාවර්හි බටාටාල්  බසාර්හිදී සීක් කඩහිමියන් දෙදෙනෙකු නාඳුනන ප්‍රහාරකයින් විසින් පසුගියදා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

ප්‍රහාරය එල්ල කර ඝාතකයන් පලා ගොස් තිබූ අතර ඔවුන් කවුරැන්දැයි මෙතෙක් හෙළිවී නැහැ. 

මෙම අමානුෂික ඝාතනය  කනගාටුවට කරුණක් බවත් මෙය එවැනි පළමු සිදුවීම නොවනවා මෙන්ම දුර්ලභ සිදුවීමක් ද නොවන බව  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කර තිබෙනවා.

මේ අතර එම සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවන බවත් වැරදිකරැවන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළා.