Saturday, April 27, 2024

General line - 0115112241

චීනයෙන් කැනඩාවට අනතුරු ඇගවීමක්




උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට අනුකූලව කටයුතු කිරීම නිරීක්ෂණය කිරීමේ මුවාවෙන් කැනඩාව තම භූමිය ආක්‍රමණය කරන බවට චීනය චෝදනා කරනවා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පවසන්නේ කැනඩාව මේ සිද්ධින්හි  බරපතලකම තේරුම්ගත යුතු බවයි.

එවැනි ක්‍රියාවන්ගෙන් නොවැළකුණහොත් බරපතල ප්‍රතිවිපාකවලට මුහුණදීමට  කැනඩාවට සිදුවනු ඇති බව ද ඔහු පැවසුවා.

සම්බාධක මගහැරීමේ ක්‍රියාකාරකම් හඳුනාගැනීමේ අරමුණින් වෙනත් රටවල හමුදා යෙදවීමට සහ ගුවන් සහ මුහුදු ප්‍රදේශවල නිරීක්ෂණ මෙහෙයුම් සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා කිසිවිටෙක කිසිදු රටකට ඉඩ ලබාදී නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

උතුරැ කොරියාවට එරෙහි අදාළ සම්බාධක ක්‍රියාත්මක කිරීමේ නමින් කැනඩාව  චීන දේශසීමාවල විවිධ නිරීක්ෂණ සිදුකරමින් ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා ඇති බවට චීනය චෝදනා කරනවා.

මේ අතර කැනේඩියානු අගමැති ජස්ටින් ට්‍රඩේයු පවසන්නේ චීනයේ ක්‍රියා වගකීම් විරහිත සහ ප්‍රකෝපකාරී වන අතර, ඔවුන් එක්සත් ජාතීන්ගේ තීරණවලට ගරු නොකරන බවයි.