Sunday, April 28, 2024

General line - 0115112241

පකිස්තානයටත් හොදටම අමාරැ වෙයි




පාකිස්තානය ආර්ථිකමය වශයෙන් ඉතාමත්ම  දුෂ්කර අවධියක් පසුකරමින් සිටින බව එරට මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් පවසනවා.

එළඹෙන 2022-23 ෆෙඩරල් අයවැය ජාතික සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ, දුර්වල පරිපාලනය හේතුවෙන් පාකිස්තානයට අධික මිලට විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බවයි.

එය  රටේ ආර්ථිකයට  දරාගත නොහැකි බවත් න්‍යෂ්ටික බලවතෙක් වන පකිස්තාන‍යට අභිමානය කැදවාගෙන ආ යුතු බවත් ඔහු සදහන් කළා.

පසුගියදා ඉදිරිපත් කෙරැණු 2022 ජූලි සිට 2023 ජුනි දක්වා ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා වන පකිස්තාන අයවැයෙහි වටිනාකම රුපියල් ට්‍රිලියන 9.5 ක්.

පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් එය හදුන්වා දී ඇත්තේ සමතුලිත, ප්‍රගතිශීලී සහ ජනතා හිතවාදී  අයවැයක් ලෙසයි.
 
කෙසේවෙතත්, පාකිස්ථානයේ හිටපු අගමැති ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ ප්‍රධානී ඉම්රාන් ඛාන් වත්මන් නව අයවැය ප්‍රතික්ෂේප කරමින් එය ජන විරෝධී සහ ව්‍යාපාරික විරෝධී අයවැයක් ලෙස හඳුන්වා දී තිබෙනවා.