Monday, May 6, 2024

General line - 0115112241

තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර සිරුර ප්‍රදර්ශනයට තබලා




තලේබාන් සාමාජිකයන් විසින් ඇෆ්ගනිස්තානයේ බග්ලාන් ප්‍රාන්තයේ අන්දරාබ් ප්‍රදේශයේ දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර ඔහුගේ සිරුර ප්‍රදර්ශනයට තබා තිබූ බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ තරුණයා නිවසින් පිටතට කැදවා ඔහුව වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.  

එම ඝාතනයට හේතුව  අනාවරණය වී නොමැති අතර සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ ජනතාව විදී බැස විරෝධය පළ කර තිබෙනවා.

අහසට වෙඩි තබා ඔවුන්ව පළවා හැරිමට තලේබාන් හමුදා පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

මේ අතර පසුගියදා නිකුත් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්තාන මෙහෙයුම් කාර්යාලයේ වාර්තාවකට අනුව රට තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයවීම්වල කිසිදු අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ.