Wednesday, May 1, 2024

General line - 0115112241

පාකිස්තානයේ ජංගම ගිණුමේ හිඟයත් ඩොලර් බිලියන 17.4 දක්වා නගියි




පාකිස්තානයේ ඉහළ යන වෙළඳ හිඟය මත එහි ජංගම ගිණුමේ හිඟය පසුගිය මූල්‍ය වර්ෂයට වඩා ඩොලර් බිලියන 17.4ක් හෙවත් සියයට 4.6 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඩෝන් පුවත්පත වාර්තා කර ඇත්තේ , ජාත්‍යන්තර වෙළෙද පළේ භාණ්ඩ හා තෙල් මිල ඉහළ යාම මධ්‍යයේ පාකිස්තානයට බලශක්ති සහ අනෙකුත් ආනයන සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුවීම මෙම තත්වයට මූලික හේතුව බවයි.

ඉහළ අපනයන සහ ප්‍රේෂණ තිබියදීත් තෙල් ආනයනයේ වැඩිවීමක් නිසා  ජූනි මාසයේදී ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන 2.3 දක්වා ඉහළ ගොස් ඇති බව පාකිස්තාන මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

පකිස්තාන මහ බැංකුව  වැඩිදුරටත් පැවසුවේ ජුනි මාසයේදී තෙල් ටොන් මිලියන 3.3 ක් ආනයනය කර ඇති බවත් එය මැයි මාසයට වඩා සියයට 33 ක වැඩිවීමක් බවත්ය.

බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගෙන් ඩොලර් ගලා ඒම ක්ෂය වීම මධ්‍යයේ ඉහළ යන ජංගම ගිණුමේ හිඟය මෙන්ම විදේශ ආයෝජන හැකිලීම හේතුවෙන් පකිස්තාන ආර්ථිකය මෑතකදී දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.