Sunday, May 5, 2024

General line - 0115112241

චීනයේ ආර්ථික මන්දගාමිත්වය හමුවේ විදේශීය සමාගම් වෙනසක‍ට සැරසේ




චීනයේ ආර්ථිකයේ මන්දගාමිත්වය හේතුවෙන් බොහෝ විදේශීය සමාගම් චීන වෙළඳපල මත දැඩි ලෙස රඳා පැවතීම ගැන නැවත සිතා බැලීමට කටයුතු  කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අදාළ ආර්ථික පසුබෑම ඔවුන්ගේ ව්‍යාපාර කෙරෙහි සෘජුව ඍණාත්මක බලපෑමක් ඇති කර ඇති බැවින් බව සදහන්.

වර්තමානයේ චීනයේ ක්‍රියාත්මක වන බොහෝ විදේශීය ව්‍යාපාර සහ කර්මාන්ත මෙන්ම, වසර සියයකට ආසන්න කාලයක සිට ක්‍රියාත්මක වූ පැරණි සමාගම් රැසක් ද සිය උපායමාර්ග ගැන යළි සිතා බලමින් සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙය තත්වයට මූලික හේතුව වී ඇත්තේ දැඩි අගුලු දැමීම්වලින් සමන්විත චීනයේ ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරනවා. 

මෙය අදාළ ව්‍යාපාරවලට විශාල බලපෑමක් සිදු කරන අතරම වෙළෙදාම බිද වැටීමටද හේතුවී තිබෙනවා. 

මෙම මාසයේ නිල සංඛ්‍යාලේඛනවලට ආර්ථික වර්ධනය දැඩි ලෙස මන්දගාමී වී ඇති අතර විරැකියාව ද දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව සදහන්.