Sunday, April 28, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ටික්ටොක් ගිණුම වසයි




චීනය සමග පරිශීලක දත්ත හුවමාරු විය හැකි බවට ඇති වූ අවදානම  හේතුවෙන් බ්‍රිතාන්‍ය රජය නියමු වැඩසටහන් ලෙස ආරම්භ කළ TikTok ගිණුම වසා දමා තිබෙනවා.

තරුණයින්  බ්‍රිතාන්‍ය දේශපාලනය කෙරෙහි උනන්දු කරවීම සඳහා පාර්ලිමේන්තු නිලධාරීන් TikTok සමාජ වීඩියෝ යෙදුමේ පිටුව නිර්මාණය කර තිබුණා. 

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පෙන්වා දී ඇත්තේ, ජාතික බුද්ධි නීතිය හේතුවෙන් චීන සමාගමක් වන ටික්ටොක් සමාගමට  චීන රජයේ ඉල්ලීම මත එරට බලධාරීන් සමඟ දත්ත හුවමාරු කර ගත යුතු වනු ඇති බවයි. 

 TikTok සමාගම පුද්ගලික දත්ත මාරු කිරීමට බැඳී නොමැති බව පවසන නමුත් මෑත විමර්ශනයකින් හෙළි වී ඇත්තේ TikTok හි මව් සමාගම වන Bytedance හි චීනයේ පදනම් වූ සේවකයින්ට ලොව පුරා පරිශීලක තොරතුරු වෙත ප්‍රවේශ විය හැකි බවයි.

එබැවින් මෙය  ඔත්තු මෘදුකාංගයක් ලෙස භාවිතා වීමට ඉඩකඩ ඇති බැවින්  වහාම අදාළ ගිණුම වසා දමන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් කථානායක, සහ සභානායක ලිපියක් යවා ඇති බව ද වාර්තා වනවා.