Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දියාවේ තේජස්ට ඉහළ අන්තර්ජාතික ඉල්ලුමක්




ඉන්දියාව විසින් නිෂ්පාදනය කරන තේජස් ප්‍රහාරක ගුවන්යානා සදහා විදේශ රටවලින් ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව වාර්තාවනවා.

මැලේසියාව විසින් තේජාස් ප්‍රහාරක ජෙට් යානා 18ක් මිලදී ගැනීමට දැනටමත් කටයුතු කරමින් ඇති බව සදහන්.

 ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, ඊජිප්තුව, ඉන්දුනීසියාව සහ පිලිපීනය ද මෙම තේජස් සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමට උනන්දු වී ඇති බව වාර්තාවෙනවා.

ඒ අනුව , 2023 වන විට විදේශ රටවල් වෙත ලබාදීමට නියමිත තේජාස් ප්‍රහාරක ජෙට් යානා 83 ක් නිෂ්පාදනය කිරීම සඳහා පසුගිය වසරේ ඉන්දීය රජය රුපියල් කෝටි 48,000ක කොන්ත්‍රාත්තුවක් රජයට අයත් හින්දුස්ථාන් ඒරෝනොටික්ස් ලිමිටඩ් (HAL) වෙත ලබා දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. 

ඉන්දීය තේජාස් ප්‍රහාරක ජෙට් යානය මැලේසියාවේ ප්‍රථම තේරීම බවට පත්වීමෙන් පසු දැඩි කතාබහට ලක් වී ඇති අතර  මෙම ඉන්දියානු ගුවන් යානය චීනය, රුසියාව සහ දකුණු කොරියාවේ දියුණු ගුවන් යානා සමඟ තරඟ කළ හැකි ලක්ෂණවලින් සමන්විත බව සදහන්.

ආරක්‍ෂක විශේෂඥ ඛමාර් අඝා පවසන්නේ, තේජාස් වෙත ටොන් අටේ සිට නවය දක්වා බරක් රැගෙන යාමට පූර්ණ හැකියාව ඇති බවයි.

ඒ අනුව ඊට ආයුධ සහ මිසයිල සමඟ ඉහළ වේගයකින් පියාසර කිරීමට හැකිවීම විශේෂත්වයක් වී තිබෙනවා.