Sunday, April 28, 2024

General line - 0115112241

තවත් ඝාතන සැලසුමක් ගැන පකිස්තානයට චෝදනා




තමන් ඝාතනය කිරීමට සම්බන්ධ වෙමින් සිටින බවට ඇෆ්ගනිස්තානයේ හිටපු උප ජනාධිපති අමුරුල්ලා සලේ පකිස්තාන බුද්ධි අංශ වෙත චෝදනා කරනවා.

පකිස්තාන බුද්ධි අංශ තමන් ඝාතනය කිරීම සඳහා එලෙස අවස්ථා 02 කදී තැත් කළ බවයි ඔහු පවසා ඇත්තේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇෆ්ගනිස්තානයේ හිටපු උප ජනාධිපතිවරයා පවසන්නේ එම ඛේදජනක ප්‍රහාරවලින් පුද්ගලයින් 60 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. 

ඊට අමතරව පකිස්තාන හමුදාව විසින් සයිබර් ත්‍රස්තවාදය තීව්‍ර කරමින් සිටින බවට ද ඔහු චෝදනා එල්ල කරනවා.

එහි ප්‍රතිපලයක් ලෙස තමන්ගේ ට්විටර් ගිණුම තහනම් කරන ලෙස ඔවුන් ට්විටර් සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඇෆ්ගනිස්තානයේ හිටපු උප ජනාධිපති අමුරුල්ලා සලේ චෝදනා කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලකයන් මමත්වයට නතු වූ පිරිසක් බවත්, තලෙයිබාන් ජුන්ටාව රූකඩයක් බවත් එරට හිටපු උප ජනාධිපතිවරයා චෝදනා කර ඇති බව විදෙස් වාර්තාවල සදහන්.