Thursday, May 2, 2024

General line - 0115112241

පියයුරු පිළිකා සඳහා ඇස්ට්‍රාසෙනිකා වෙතින් නව ඖෂධයක් 




පියයුරු පිළිකා සඳහා වන ප්‍රතිකාරයක් සඳහා ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනිකා සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබූ ඖෂධයකට එරට ඖෂධ පාලක ජනරාල්වරයාගේ අවසරය හිමිව තිබෙනවා.

පියයුරු පිළිකාවෙන් පෙලෙන වැඩිහිටි රෝගීන් සඳහා මුල් කාලයේදී ලබාදීම සඳහා ඇස්ට්‍රාසෙනිකා සමාගම විසින් නිපදවනු ලැබූ Lynparza (Olaparib) නම් ඖෂධය රසායනික චිකිත්සාවන්ට පෙර තනි ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකියි.

ඔලිමිපියා III අදියරේ සිදුකරනු ලැබූ පර්යේෂණ වල ප්‍රථිපලයක් ලෙස මෙම ඖෂධය සායනික මට්ටමේ සාර්ථකත්වයක් පෙන්නුම් කළ බවයි ඇස්ට්‍රාසෙනිකා සමාගම සඳහන් කර සිටියේ.

ඖෂධ පාලක ජනරාල්වරයාගේ අවසරය හිමිවීමත් සමග මෙම ඖෂධය මේ වන විට ජපානය, අමෙරිකාව, යුරෝපය, ඉන්දියාව් ඇතුළු තවත් රටවල් රැසක මුලික අවදියේ පසුවන පියයුරු පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කිරීමට අනුමැතිය ලබාදී ඇතැයි ද වාර්තා වනවා.

පියයුරු පිළිකා ඇතිකර ජාන ඉලක්ක කරගෙන සිදුකරන මුල් අවදියේ සිදුකරනු ලබන පළමු ප්‍රතිකාරය සහ එකම ඖෂධය ලෙස සැලකෙන්නේ මෙම Lynparza නම් ඖෂධ යයි.

පියයුරු පිළිකාව ලොව වැඩියෙන්ම හඳුනාගනු ලබන පිළිකා වර්ගය ලෙස සැලකෙන අතර වාර්ෂිකව රෝගීන් මිලියන 2 යි දශම 3ක් වාර්තා වන බවයි වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ.