Wednesday, April 24, 2024

General line - 0115112241

ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට ඉඩදී අධි ආරක්ෂිත කලාප පිහිටුවිය යුතු බව නීතිවේදියෙක් කියයි

ඉන්දික විතාන




ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට ප්‍රමුඛතාවයදී අධි ආරක්ෂිත කලාප නම් කළ යුතු බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා. නිසි කාර්්‍යයපටිපාටිය ඔස්සේ රජය විසින් අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කර ඇත්දැයි සොයා බැලීමට අධිකරණයට හැකියාව පවතින බවද ඔහු සඳහන් කළා. 

පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වීමෙන් අනතුරුව අධි ආරක්ෂිත කලාප නම් කළේ නම් එය වඩාත් යෝග්‍ය බවයි හොරණ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසුවේ.

කෙසේවෙතත් භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස භුක්ති විදීමට ජනතාවට අධි ආරක්ෂිත කලාප වෙතම යාමට අවශ්‍ය නොවන බවයි ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.