Friday, May 10, 2024

General line - 0115112241

චීනයේ ආණ්ඩුකාරවරයෙකු දූෂණ චෝදනා මත නෙරපා හැරේ




මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ හිටපු ඉහළ නිලධාරියෙකු දූෂණ චෝදනා මත චීන කොමියුනිස්ට් පක්ෂයෙන් (CPC) සහ අනෙකුත් රජයේ කාර්යාලවලින් නෙරපා හැර තිබෙනවා.

පක්ෂයේ විනය සහ නීති බරපතල ලෙස උල්ලංඝණය කිරීම හේතුවෙන් හුබෙයි හි හිටපු උප ආණ්ඩුකාර කාඕ ගුන්ග්ලින් නෙරපා හරින ලද බව චීනයේ අල්ලස් විරෝධී ආයතනය  ප්‍රකාශ කළ බව ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය මත එහි මධ්‍යම විනය පරීක්‍ෂණ කොමිෂන් සභාව සහ ජාතික අධීක්ෂණ කොමිෂන් සභාව විසින් කාඕ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම දඬුවම ලබා දී ඇති බව සදහන්.

කාඕ පළාත් ආණ්ඩුවේ ප්‍රමුඛ පක්ෂ සාමාජිකයින් කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් ද වූ බවයි චීන වාර්තා සදහන් කළේ. 

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ  කාඕට පරමාදර්ශ සහ විශ්වාසයන් කඩ කිරීම, දේශපාලන සමපේක්ෂණ සහ මිථ්‍යා විශ්වාස කටයුතුවල නිරත වීම, බලධාරීන්ගේ විමර්ශණයන්ට එරෙහිවීම ආදී චෝදනා ද එල්ල වී ඇති බවයි.