Monday, May 6, 2024

General line - 0115112241

ඇමරිකාවට ඉන්දියාව නැතුව බැරි වෙයි




ලෝකයේ ගෝලීය ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ඉන්දු අමෙරිකානු සබඳතාව ඉතා වැදගත් බව අමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම් ජැනට් යෙලන් පවසනවා. 

ඇය ඒ බව සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමග අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ  පැවැති සාකච්ඡාවකදීයි.  

එම ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසු අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් නිවේදනය කළේ අමෙරිකානු ඉන්දීය ආර්ථික සහ මූල්‍ය හවුල්කාරිත්වයේ නවවන අදියර සඳහා සහභාගී වීමට තමන් ලබන මාසයේදී ඉන්දියාවට පැමිණෙන බවයි. 

එමෙන්ම අදාළ හමුවේදී දෙරට අතර ආර්ථික සබඳතාවල වැදගත්කම ද දෙපාර්ශවය විසින් අවධාරණය කර තිබෙනවා. 

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම්වරිය සඳහන් කළේ දෙරට අතර පවතින ශක්තිමත් සබඳතාව මූලික ආර්ථික අවශ්‍යතා සඳහා පමණක් නොව, දෙරටේ පුරවැසියන්ට ලෝකයට ද පෙන්නුම් කරන බවයි. 

අමෙරිකාව සහ ඉන්දියාව යන රටවල් දෙකම ලෝක ආර්ථිකයට අතිශයින් වැදගත් වන බවත් අපගේ හවුල්කාරිත්වය මෙතරම් ශක්තිමත් කර ඇති ආර්ථික සංවර්ධනය සහ සහයෝගීතාවය සඳහා දෙරට ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් අමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.