Saturday, January 11, 2025

General line - 0115112241

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාවේ පළමු කඩඉම අද




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ, සිම්බාබ්වේහි බුලවායෝහිදියි. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමයි.

ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට මෙම තරගය ආරම්භවීමට නියමිතයි. මෙම තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයේදි නේපාල කණ්ඩායම කඩුළු 8 කින් පරාජය කිරීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. ඊයේ පැවති දෙවන තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය අත්කර ගත්තා. ඒ, අමෙරිකා  එක්සත් ජනපද කණ්ඩායම ලකුණු 39කින් පරාජය කරමින්.