Wednesday, November 20, 2024

General line - 0115112241

ඉපැරණි මිනිරන් පතලක් නිසා පාසලක ගුරු ,සිසුන්ද  පීඩාවට

සම්පත් කුලරත්න 




ඉපැරණි මිනිරන් පතලක්  පාසල් ප්‍රධාන ශාලාවේ යටින් මතුවීම හේතුවෙන් එම පාසලේ ගොඩනැගිල්ල වසා දැමීම නිසා පාසලේ ගුරුවරුන්ද ,සිසුන්ද  පීඩාවට පත්වී තිබෙන බව වාර්තා වෙනවා 

කළුතර  කලාප අධ්‍යාපන කාර්යාලයේ බේරුවල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල බල සීමාවේ පිහිටා ඇති අලුත්ගම, දර්ගා නගරයයේ  වරාපිටිය ප්‍රාථමික  විද්‍යාලයේ සිසුන් පීඩාවට පත්වී තිබෙන බව්වයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

සිසුන් තුන්සිය පනහකට ආසන්න සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදෙන මෙම පාසල ප්‍රාථමික පාසලක් වුවද මේ වනවිට එම පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්වෙමින්  ඉපැරණි මිනිරන් පතලක් එම පාසලේ ප්‍රධාන ශාලාව යටින් මතුවීම හේතුවෙන්  එම ගොඩනැගිල්ල ද ගිලා බැසීමේ අවධානමකට ලක්වී තිබෙනවා 

එම පාසලේ උත්සව සහ ඇගයීම් කටයුතු සිදුකළ මෙම ගොඩනැගිල්ල  මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර එහි තිබූ පන්ති කාමර දෙකක්ද වෙනත් ගොඩනැගිල්ලකට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එම කුහරය  පිහිටි ස්ථානය මේ වනවිට වන විට පාසල් පුටු දමා සිසුන්ට යා හැකි නොවන ආකාරයට ආවරණය කර තිබුණද බොහෝ පාසල් දරුවන් කුඩා දරුවන් වීම නිසා කිසියම් හෝ මොහොතක සෙල්ලම් කිරීමට මෙම ස්ථානයට ගියහොත් එම දරුවන් එම කුහරය තුළට  ඇද වැටුණහොත් විශාල ජීවිත හානියක් සිදුවීමට ඉඩකඩ ඇති බවයි දෙමව්පියන් පවසන්නේ 

මෙවැනි කුහර මෙම පාසලේ මීට පෙරද විටින් විට ඇතිවූ බවත් මෙතරම් විශාල කුහරයක් මීට පෙර ඇති නොවූ බවයි දෙමව්පියන් වැඩි දුරටත් පවසා සිටියේ 

මෙම පාසල ආරම්භ කිරීමට පෙර මෙම භූමි ප්‍රදේශයේ අධික ලෙස මිනිරන් කැණීම් සිදුකළ ස්ථානයක් වන අතරපතල් නිසි ආකාරව වසා  නොමැතිව  ගිලා බැසීම් වලට ලක්වීම සිදුවන දෙමව්පියන් පවසන්නේ 

දෙමාපියන් වැඩිදුරටත් කියා සිටින්නේ මෙම කුහරය පිළිබඳව  අධ්‍යාපන බලධාරීන් නිසි අවධානයක් නොමැති  නිසා සිසුන්ගේ ජීවිත වලටද මේ වන විට හානියක් සිදුවීමේ අවධානමකට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන්  දෙමාපියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කුහරය නිසි පරිදි වසා දමා අධ්‍යාපනය ලබන ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය කළ හැකි පාසලක්  බවට පත්කර දෙන ලෙසයි