පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය ආසන්නයේ ගාල් කර තිබු බස් රථයක් සොරකම් කර පලායමින් සිටි පුද්ගලයකු බස් රථයද සමග පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ 52 හැවිරිදී මිනුවන්පිටිය ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.
බස් රථය ධාවන කටයුතු අවසන් කරමින් රාත්‍රී කාලයේදී පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය ආසන්නයේදී නතර කර නිවෙස් වෙත ගොස් තිබෙනවා
පසු දින උදෑසන එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා එම බස් රථය සුපුරුදු පරිදි මගී ප්‍රවාහන කටයුතු සඳහා රැගෙන යාමට පැමිණිමේදී එම ස්ථානයේ බස් රථය නොමැති වීම හේතුවෙන් මේ පිළිබඳව බස් රථයේ හිමිකරුට දන්වා තිබුනා.
ඉන්පසුව බස් රථයේ හිමිකරු පානදුර දකුණ පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පානදුරු දකුණ පොලිසියේ අපරාධ අංශයට පානදුර දෙස සිට කොළඹ දෙසට ගමන් කරන බවට ලද තොරතුරක් මත බස් රථයේ පසුපස හඹා ගොස් බස් රථය පැදවු රියදුරාද සමඟ බස් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ පිළිබඳව පානදුර දකුණ පොලිසිය සිදු කරන ලද විමර්ශන වලදී අනවරය වී තිබෙන්නේ මෙම සොරකම සම්බන්ධ පුද්ගලයා මීට පෙර මෙම බස් රථයේ රියදුරු වශයෙන් කටයුතු කර ඇති බවත් කාලෙකට පෙර මෙම බස් රථය හිමිකරු විසින් ඔහුව සේවයෙන් ඉවත්කොට ඇති බවයි.
තවද බස් රථයේ යතුර තිබෙන ස්ථානය පිළිබඳව ඔහුට අවබෝධයක් තිබූ හෙයින් අලුයම් කාලයේ බස් රථයේ දොරකඩා ඇතුළු වී එම බස් රථයේ යතුරද රැගෙන මෙසේ බස් රථය සොරකම් කර ඇති බවද සිදු කල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
මෙම බස් රථය සොරකම් කළේ කුමටද යන්න පිළිබඳව මේ වන විට ඔහු නිසි පිළිතුරක් ලබාදී නොමැති බවයි පොලිසිය පවසා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි