Wednesday, November 20, 2024

General line - 0115112241

දයාසිරි ඉල්ලූ අතුරු තහනම් නියෝගය පිළිබඳ තීන්දුව ලබන 31ට කල් යයි

උදය කුමාර




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ අතුරු තහනම් නියෝග පිළිබඳ තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

ඒ, මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ තමන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගනිමින් නිකුත් කර තිබූ චෝදනා පත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පැමිණිල්ලට අදාළවයි.

මෙම නඩුකරයට මැදිහත්වීමට තමන්ට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ අධිකරණය වෙතින් ඉල්ලීමක් කර තිබුණා.

මීට අදාළව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරයා සඳහන් කළේ ඔවුන්ට මෙම නඩුකරය සඳහා මැදිහත්වීමට අයිතියක් තිබෙන බවයි.

ඒ අනුව මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනු කිරීමට දින ලබා දුන් දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන 31 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.