ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ කලක් තිස්සේ සිදුවෙමින් තිබූ ජාවාරමක් නෙත් එෆ්.එම්. බැලූම්ගල කණ්ඩායමේ මැදිහත් වීමෙන් ඊයේ අනාවරණ කර ගැනුණා.
ඒ, බැලූම්ගල කණ්ඩායම සමග එක්ව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකෙරුණු හදිසි වැටලීමකදීයි.
පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම වැටලීම සිදුකෙරුණා.
ජාවාරම සිදුව තිඛෙන්නේ ව්‍යාජ දත්ත ඇතුළත් කර විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන්.
ඊට සම්බන්ධ බවට සැකකෙරෙන සේවකයෙකු ද ඊයේ කෙරුණු වැටලීමේදී අත්අඩංගුවට ගැනුණා.
මෙම වැටලීම පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබන බදාදා බැලූම්ගල වැඩසටහනින් ප්‍රචාරය කිරීමට නියමිතයි.