හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින් පිරිසක් තවදුරටත් උද්ඝෝෂණයේ යෙදී සිටිනවා.
මේ නිසා හම්බන්තොට වරායේ දැඩි උණුසුම්කාරි තත්වයක් හටගෙන තිබෙනවා.
මෙම පිරිස විසුරුවා හැරීමට නාවික හමුදාව මීට සුළු වේලාවකට පෙර පියවර ගනු ලැබුවා.
අප වාර්තාකරු පැවසුවේ, මේ වන විට විරෝධතාකරුවන් ජැටියෙන් මීටර් 100ක් පමණ ඔබ්බට ඉවත් කර ඇති බව ය.
පිරිසක් මුහුද මැද ද තවත් පිරිසක් මහල් 14කින් යුත් ගොඩනැගිල්ලක ද අනෙක් පිරිස වරාය පරිශ්රයේ ද උද්ඝෝෂණයේ යෙදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
තමන් ශ්රී ලංකා වරාය අධිකාරියේ ස්ථීර සේවයට බඳවා ගන්නා ලෙස මෙම උද්ඝෝෂකයින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට සංවේදී වනවා වෙනුවට ආණ්ඩුව උත්සහ කරන්නේ උද්ඝෝෂණය මර්දනය කිරීමට ද බවයි ඔවුන් කියා සිටියේ.