හම්බන්තොට මාගම්පුර වරායේ උද්ඝෝෂණයක නිරත සේවකයින් විසින් දින කිහිපයක් රඳවාගෙන සිටි වෙළඳ නෞකා දෙක මුදා ගැනීම සඳහා නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් සිදු කරමින් සිටිනවා.
මේ වනවිට මෙම නෞකා දෙක වටා ආරක්ෂක වළල්ලක් යොදා ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
තමන් ශ්රී ලංකා වරාය අධිකාරියේ ස්ථීර සේවයට බඳවා ගන්නැයි ඉල්ලමින් හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින් පිරිසක් මීට දින කිහිපයකට පෙර උද්ඝෝෂණයක් ආරම්භ කළා.
වරායේ මෙහෙයුම් කටයුතුවලට ද මේ නිසා බාධා එල්ල වී තිබෙනවා.
උද්ඝෝෂකයින් සිර කරගෙන සිටින නෞකා බේරාගැනීමට හම්බන්තොට වරායේ හමුදා මෙහෙයුමක් (VIDEO)
Dec 10, 2016 @ 13:27
හම්බන්තොට මාගම්පුර වරායේ තවදුරටත් උණුසුම් තත්ත්වයක් පවතිනවා.
උද්ඝෝෂණයේ නිරත සේවකයින් පවසන්නේ නාවික හමුදා භට පිරිසක් පැමිණ සිය උද්ඝෝෂණය මර්දනය කිරීමට උත්සහ කරන බවයි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් ද විමසීමක් කළා.
ඔවුන් පැවසුවේ හම්බන්තොට මාගම්පුර වරායේ සිය මෙහෙයුම් සිදුකරන්නේ උද්ඝෝෂකයින් විසින් දින කිහිපයක් තිස්සේ සිරකරගෙන සිටින වෙළෙඳ නෞකා දෙකක් මුදාගැනීමට බවයි.