පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් සිල්වා නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කර තිඛෙනවා.
ඒ, කොළඹ වරායට පැමිණි නැවකින් කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 800කට ආසන්න තොගයක් සොයා ගැනීම සඳහා ඊයේ කළ වැටලීම ද සැලකිල්ලට ගනිමින්.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා මෙවැනි තවත් වැටලීම් කිහිපයක් ද කමල් සිල්වාගේ මෙහෙයවීමෙන් ඉකුත් සමයේ සිදුකර තිඛෙනවා.
මේ අතර ඊයේ සොයාගත් කොකේන් තොගය දකුණු ආසියාවේ මෙතෙක් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බවයි පොලිසිය ඊයේ කියා සිටියේ. එහෙත් එය නැගෙනහිර ආසියාවේ ද මෙතෙක් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව දැන් තහවුරු වී තිඛෙනවා.
මෙම කොකේන් තොගය ඉන්දියාවට රැගෙන යාමටයි සැලසුම් කර තිබුණේ. ඒ අනුව ඉදිරි විමර්ශන සදහා ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරන බවද පොලිසිය පැවසුවා.