ප්‍රකාශිත පොදු සමා කාලය තුළ ත්‍රිවිධ හමුදාවේ 1415 කට වැඩි පිරිසක් නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වී තිබෙනවා.
හමුදා සේවය හැරගොස් සිටින පුද්ගලයින්ට ඉන් නීත්‍යානුකූලව ඉවත්වීම සඳහායි මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කෙරුණේ. ඒ, ඉකුත් පළමු වන දා සිට ලබන 31 වන දා දක්වායි.
මෙම කාලය තුළ මේ දක්වා නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වූ 1185 දෙනෙකු යුද හමුදා සාමාජිකයින් වනවා.
නාවික හමුදාවේ 161 දෙනෙකු ද ගුවන් හමුදාවේ 69 දෙනෙකු ද එලෙස සේවයෙන් ඉවත් වී ඇති බවයි හමුදා ආරංචි කියා සිටියේ.