Wednesday, November 20, 2024

General line - 0115112241

බැඳුම්කර ගනුදෙනුව ගැන නීතිපති වාර්තාවක් තවම ලැබී නැහැ – අග‍්‍රාමාත්‍ය කාර්යාලය




ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු වාර්තාවක් මේ දක්වා තමන් වෙත ලැබී නොමැති බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

සති අන්ත පුවත්පතක පල කර ඇති වාර්තාවක් සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමිනුයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය මේ බව පැවසුවේ.

අදාළ වාර්තාව පල කර ඇත්තේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු උපුටා දක්වමින් බව ද එහෙත් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය ප‍්‍රකාශකයෙකු නොමැති බව ද මෙහි දී අවධාරණය කෙරුණා.