Monday, March 3, 2025

General line - 0115112241

පෙත්සමට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ගයකට පැෆ්රල් සංවිධානය සැරසෙයි



ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කිරීමට පැෆ්රල් සංවිධානය තීරණය කර තිබෙනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.  


අගෝස්තු මස මුල් සතිය වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.