වර්තමානයේදී සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විවිධ යෙදවුම් තුළින් සිදුකරනු ලබන රූප රචනා, ගීත හා කෙටි වීඩියෝ සඳහා යුද්ධ හමුදා නිල ඇඳුම් අනුමැතියකින් තොරව යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානිකර අන්දමින් භාවිත කිරීමේ ප්‍රවනතාවයක් මතුව ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය පවසනවා.
එලෙස යුද්ධ හමුදා නිල ඇදුම් අවසරයකින් තොරව නිර්මාණ කටයුතු සඳහා භාවිත කිරීම නීති විරෝධි ක්‍රියාවක් වුවද බොහෝ දෙනා නොදැනුවත්කම මත මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන බවයි එම මූලස්ථානය පැවසුවේ.
එලෙස නොදැනුවත්කමින් සිදුකරන ක්‍රියාවන් මගින් සමස්ත යුද්ධ හමුදා ප්‍රතිරූපයටම හානියක් සිදුවන අතර, දශක තුනකට ආසන්න කාලයක් පුරා මව්බිම වෙනුවෙන් තම ජීවිතය කැපකල රණවිරුවන් ද හෑල්ලුවට ලක්වන බව එම නිවේදනයේ සඳහන්.
ඒ හේතුවෙන් ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කර යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානි කරන එවැනි දේ සිදු කිරීමෙන් වලකින ලෙසට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.