Thursday, April 24, 2025

General line - 0115112241

ආරක්ෂාව සහතික කිරීම තමයි රජයක මුලික වගකිම - මහාචාර්ය චරිත හේරත්



නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබමින් යන ගමන් මාර්ගය තවදුරටත් වැඩිවෙලා තිබෙන බවත්  ඩෑන් ප්‍රියසාද් කුමන දේශපාලන මතය දැරුවත් රටේ නිරායුධව සිටින පුද්ගලයෙකුට ජිවත් වීමේ ඉඩ , ආරක්ෂාව සහතික කිරීම තමයි රජයක මුලික වගකිම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (23) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඔහු මෙබව් සඳහන් කර සිටියා 

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය,

‘‘පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ සිදුවිම් මාලාව තුළ රටේ  දේශපාලනයේ සිදුවන ඇතැම් සිදුවිම් පිළිබඳව සමගි ජන බලවේගයේ අදහසක් ප්‍රකාශ කිරීම වැදගත් වෙනවා. ඒ වගේම නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබමින් යන ගමන් මාර්ගය තවදුරටත් වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම සමාජය තුළ දේශපාලනික වශයෙන් කතාබහට භාජනය වුණ පුද්ගලයෙක් වන ඩෑන් ප්‍රියසාද් කියන පුද්ගලයාවත් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. කෙසේ නමුත් ඩෑන් ප්‍රියසාද්ගේ දේශපාලන මතය සම්බන්ධයෙන් අපේ එකඟතාවයක් නෑ. කුමන දේශපාලන මතය දැරුවත් රටේ නිරායුධව සිටින පුද්ගලයෙකුට ජිවත් වීමේ ඉඩ , ආරක්ෂාව සහතික කිරීම තමයි රජයක මුලික වගකිම වන්නේ. ආණ්ඩුවේ යුතුකම නෙවෙයි එය ආණ්ඩුවේ වගකිමක්.  එක කණ්ඩායමක ඡන්දයෙන් පත්වුණ නිසා ආණ්ඩුව ඔවුන්ගේ කණ්ඩායම පමණක් ආරක්ෂා කිරීමට කටයුතු කරනවානම් එය සම්පුර්ණයෙන්ම වැරදි දෙයක්.  ප්‍රජාතන්ත්‍රවාදි රටක නිරායුද සමාජයක ආයුධ දරන්න නීත්‍යානුකුල අයිතිය තිබෙන්නේ රජයේ යාන්ත්‍රණයට පමණයි. රජයේ ආයුධ දරන්න නීත්‍යානුකුල අයිතිය තිබෙන ආරක්ෂක අංශ ජනතාව ආරක්ෂා කරන්න ආණ්ඩුව මෙහෙය විය යුතුයි. එසේ නොමැති වුවහොත් ජනතාවගේ ජිවිත පිළිබඳව විශාල ගැටලුවක් ඇතිවෙනවා. අපේ රට එවැනි ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් ගණනාවක මුහුණ දුන් රටක්.  88 89 එවැනි තත්ත්වයක් රට තුළ ඇතිවුණා. 2009 දී රට තුළ එවැනි තත්ත්වයක් ඇතිවෙලා නිමා වුණා.  ඒ නිසා රටේ ජනතාවට නිදහසේ ගමන් කිරිමට තිබෙන ඉඩකඩ ආරක්ෂා කරදිම ඒ මොහොතේ රටේ බලය ලබාගෙන තිබෙන රජයේ වගකීම. ඒ වගකිමෙන් රජයට පලා යාමට නොහැකියි. ඒ නිසා මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා නිවැරදි තොරතුරු රටට ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙනවා. 

ඒ වගේම පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් විවිධ ආයතන පර්යේෂණ සිදුකරලා තිබෙනවා. විවිධ ආයතනවලට අනුව ආණ්ඩුවට තිබෙන ජනප්‍රියතාවය අඩු වන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුවේ නායකයෝ  විවිධ ආකාරයේ කතා මැතිවරණය ඉලක්ක කරගෙන සිදුකරනවා. ඒ වගේම රටේ රාජ්‍ය නායකයාගෙන්ම  ප්‍රකාශයට පත් කරලා තිබුණා පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදිමේදී ඉන්න පක්ෂය බලනවා කියලා. ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණයේදීත් මේ කතාව කියන්න පුලුවන්. මෙවැනි කතා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ කතා. මෙවැනි කතා දේශපාලනයට විරුද්ධයි. ආණ්ඩුව තිබෙන පක්ෂයට පළාත් පාලන ආයතනවල බලය දෙන්න ඕනනම් තවදුරටත් ඡන්දයක් පවත්වන්න අවශ්‍ය නෑ.  පසුගිය ඡන්දය අනුව පළාත් පාලන ආයතනවල සියල්ලගේ බලය මාලිමාවට ලබාදෙනවා කියනා කියන්න පුලුවන්. පනතේවත් එවැනි කාරණයක් සදහන් වෙන් නෑ නේ. මීට මාස 6 කට පෙර මාලිමාවට විශාල කොට්ඨාසයක් ඡන්දය ලබාදුන්නා. නමුත් පළාත් පාලන මැතිවරණයේදීත් බහුතර බලය මාලිමාවට ලබාදිය යුතුයි කියලා එයින් අදහස් වෙන්නේ නෑ. ආණ්ඩුව මේ ඉදිරිපත් කරන්නේ මෝඩ තර්ක.  පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ස්වාධින මතය ඉදිරිපත් කළ යුතුයි. 

ඒ වගේම රජය ජනාධිපතිවරණයේදී , මහ මැතිවරණයේදී විවිධ ස්ථාවර අරගෙන තිබෙනවා. නමුත් පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාසය වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් පුද්ගලයා මිසක හොදටම ජනාධිපතිධුරය දන්න පුලුවන් කාටද හොදටම පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය දරන්න පුලුවන් කාටද කියන දේ නෙවෙයි පළාත් පාලන මැතිවරණයේ ස්ථාවරය වන්නේ. ඒ වගේම සමගි ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන්න හොද කණ්ඩායමක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපේ කණ්ඩායම සංවාදිශිලිව ජනතාව සමග හොදින් ඉදිරියට යමින් තිබෙනවා. ඒ නිසා ජයග්‍රාහි මතයක් සමගි ජන බලවේගයට ලැබිමට නියමිතව තිබෙනවා. 

ඒ වගේම ඉදිරි දින තුනේදී තැපැල් ඡන්ද භාවිතා කරන්න රාජ්‍ය සේවකයන් සුදානමින් සිටිනවා.  ඒ වගේම රජය කියනවා මැයි මාසයේ සිට රාජ්‍ය සේවයේ දුෂණ වංචා නැති කරනවා කියලා. රාජ්‍ය සේවයේ වංචා දුෂණ නැති කිරිම අනිවාර්යෙන් සිදුකළ යුතුයි. නමුත් මැතිවරණයක් ආසන්න රාජ්‍ය සේවය බියට පත් කිරිම බුද්ධිමත් කටයුත්තක් නෙවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී හෝ මහමැතිවරණයේදී රාජ්‍ය සේවකයා දුන්න ඡන්දය පළාත් පාලන මැතිවරණයට අදාල වෙන්නේ නෑ. මෙවර මැතිවරණයේදී සමගි ජනබලවේගයේ අපෙක්ෂකයන් වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිතා කරන ලෙස රාජ්‍ය සේවකයාගෙන් ඉල්ලා සිටින්න කැමැතියි. 

ඒ වගේම රජයේ ඇතැම් පිරිස් කියනවා රටේ ආර්ථිකය ගැන කතා කරලා සමජ බය කරන්න එපා කියලා. ඇත්තටම ඒ කතාව හරි. නමුත් ආර්ථිය පිලිබදව කතා කළ යුතුයි. රටේ ආර්ථිකය ගැන කතා කිරිම නැවැත්විමට කවුරුන් හෝ උත්සහ කරනවානම් එයින් අදහස් වන්නේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණොත් ඊට වගකියන්නේ නෑ කියන කාරණයයි.  රටේ ආර්ථිකය ඉදිරියට ගෙනි යන්න මීට වඩා බුද්ධිමත් මැදිහත්විමක් අවශ්‍ය වෙනවා.  ඒ වගේම  පසුගියදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඔවුන්ගේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරලා තිබෙනවා. ජි 7 රටවල ආර්ථික වර්ධනය අඩුවෙන බව ඔවුන් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම අලුතින් නැගි එන ඉන්දියාව , චිනය වගේ රටවල ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්න ඉඩ තිබෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් අපි අවදානය යොමු කළ යුතුයි. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවත් වර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ වාර්තා දෙකම කියවන්න කියලා අපි රජයේ ප්‍රධානින්ට කියනවා. අපේ රටේ ආර්ථික සම්බන්ධව තාක්ෂණිකව ගතයුතු තිරණ නිසි පරිදි ගත්තේ නැත්නම් විශාල රටකට රට ගමන් කරනවා.  රටේ ආර්ථිකය වර්ධනය කිරිමෙන් තොරව අපේ රටේ ආර්ථිකය දියුණු කිරිමක් ගැන කතා කරන්න බෑ. 

ඒ වගේම පළාත් පාලන මැතිවරණයේදී ස්වාධිනව නිශ්චිතව රටේ වර්තමාන ආර්ථික දේශපාලන විවේඡනයක් රජයට ඉදිරිපත් කිරිම සඳහා පළාත් පාලන මැතිවරණය භාර ගන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.‘‘