අලුත් බදු, අපනයන බාධක, අධික වියදම් සහ දේශපාලන අපිස්සාවක් නිසා ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන කර්මාන්තය වන ඇඟලුම් කර්මාන්තය අභියෝග 9කට මුහුණ දීමට සිදුව තිබෙනවා
මෙහිදී තද පීඩනයක් එල්ල වී ඇත්තේ අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ 44%ක තීරුබදු හේතුවෙන්.
මෙම ටාරිෆ් බද්ද ශ්‍රී ලංකාවේ $1.9 බිලියනයක් වටිනා ඇඟලුම් අපනයනයට දැඩි බලපෑම් එල්ල කර තිබෙන අතර මෙය 69%ක් ඇමරිකාවට අපනයනය සිදු කරන කර්මාන්තයට අභීත අභියෝගයකි.
GSP+ නැති වීමෙන්, EU යුරෝපයේ වෙළඳපොලේ තරඟකාරීත්වය අහිමි වීම, සහ අපනයන මිල වැඩි වීම නිසා ඇණවුම් අවම වීමද යුරෝපයට අපනයනය සිදු කරන කර්මාන්තයන්ට තවත් බාධාවක් වනවා.
තවද 2025 මැද සිට 20% සීරුමාරු වන නව බදු වැඩිවීම් (VAT & PAYE) නිසා අභ්‍යන්තර පිරිවැය වැඩිවී,නිෂ්පාදන වියදම වැඩිවී, අපනයන මිල තවත් තරඟකාරී නොවීමද කර්මාන්තයන්ට දැඩි තර්ජනයක් වනවා.
ලක්ෂ 3ක රැකියා අහිමිවීමේ අවදානමද විශාල ජන ප්‍රශ්නයක් මතුව තිබෙනවා. එයින් ප්‍රධාන වශයෙන් බලපෑමකට ලක්වෙන්නේ කාන්තා සේවකයින්, ගම්මාන වල වෙසෙන කම්කරු ජනතාවයි.