Monday, March 3, 2025

General line - 0115112241

මහනුවර මාතලේ මාර්ගය අකුරණ ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමේ



මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගය අකුරණ ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.

පොලීසිය පැවසුවේ අකුරණ නගරයේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්න හේතුවෙන් එම පියවර ගත් බවයි.

එම ගොඩනැගිල්ලේ බිම් මහලේ ගින්න හටගත්තේ පෙරවරු 6.50ට පමණයි.

බිම් මහලේ බේකරි නිෂ්පාදන ආයතනයක්ද පවත්වාගෙන යනු ලබනවා.

එක් මහලක ජාත්‍යන්තර පාසලක කොටසක්ද පවත්වාගෙන යන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

මහනුවර මහනගර සභාවේ ගිනිනිවීම් භටයින්, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීම සදහා තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.