Monday, March 3, 2025

General line - 0115112241

බදුල්ලේ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 04ක් මරුට



බදුල්ල, සොරණාතොට මාර්ගයේ වැලිහිඳ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මාර්ගය මැද ලොරි රථයක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ලොරියේ ගමන්ගත් 04 දෙනෙක්.

මාර්ගවල මගී ආවරණ සවි කිරීම සඳහා මොණරාගල සිට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.