Monday, March 3, 2025

General line - 0115112241

පක්ෂය තීරණය කරන්නේ නම් ජනපතිවරණයට සූදානම් බව ධම්මික පෙරේරා කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්



ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කරන්නේ නම් ඊට තමන් සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයන්ගේ මධ්‍යස්ථානය කොළඹදී අද විවෘත කළ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණා.

මේ, එහිදී කරුණු දැක්වූ හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක.

ජාතික ජනබලවේගය ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ.