ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී අද වැඩ භාර ගැනීමට සිදු වුණා.
පෙරවරු 11ට පමණ වැඩ භාර ගැනීමට එම ස්ථානයට පැමිණි පක්ෂ මහලේකම්වරයාට පක්ෂ මූලස්ථානය වෙත ඇතුළු වීමට අවස්ථාව හිමි වූයේ නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.
පක්ෂ මහලේකම් ධූරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉවත් කිරීමට එවකට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබුණා.
එම තීරණය වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහලේකම් ධූරයේ වැඩ භාර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත පැමිණ සිටියා.
මේ එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර.