Monday, March 3, 2025

General line - 0115112241

වැඩි මිලට භාණ්ඩ අලෙවිය නතර කරන්න නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක්



වෙළඳපොළේ ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරණය කිරීමට බාධා කරන තත්ත්වයන් වැලැක්වීමට වෙළඳ අමාත්‍යංශය ඇතුළු වගකිව යුතු ආයතන මැදිහත් විය යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

භාණ්ඩ මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලැබීමේ මන්දගාමී තත්ත්වයක් මෙරට වෙළඳපොළ තුළ දක්නට ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ. 


මෙවැනි තත්ත්වයන් වලක්වාලීම සඳහා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ප්‍රධාන ගැටළුවක් බවද ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මෙහිදී පෙන්වා දුන්නා.


වෙළඳපොළ තරගකාරිත්වය ප්‍රවර්ධනය වන නීතිරීති හඳුන්වාදීම මෙවැනි තත්ත්වයන් මැඩ පැවැත්වීමට අත්‍යවශ්‍ය වන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.