කතරගම පොලිස් වසමේ මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.
ඊයේ උදෑසන කාලයේදී එම පුද්ගලයා මැණික් ගඟේ 02 පාලම ආසන්නයෙන් දිය නාමින් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුවී තිබෙන්නේ
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ හා වනජීවී නිලධාරීන්ගේ සහාය ඇතිව මෘත දේහය සොයාගෙන තිබෙන අතර මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලීසිය සඳහන් කර සිටියේ .
ඔහු අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවන පුද්ගලයෙක් බව පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.