Friday, April 11, 2025

General line - 0115112241

පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කිරීම විශේෂ උත්සවයකදී



ඉදිරි දින කිහිපය තුළ සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසුවේ විශේෂ උත්සවයකදී සිය ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවයි.


පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මෙතෙක් සිදු නොකලේ එය උත්සවාකාරයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අරමුණින් යුතුව බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් සඳහන් කළා.