Friday, May 2, 2025

General line - 0115112241

ව්‍යාජ වීසා උපයෝගී කර ගනිමින් විදේශගත වීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



ව්‍යාජ පෝලන්ත වීසා සහිත ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් විදේශගත වීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ව්‍යාජ පෝලන්ත වීසා සහිත ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් කටාර් හරහා පෝලන්තයට යාමට සැකකරුවන් උත්සහ දරා තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 හා 38 යන වයස්වල පසුවන දෙමෝදර හා බෙලිගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.