Friday, May 2, 2025

General line - 0115112241

පැය 24කදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 346 දෙනෙකු අත්අඩංගුවට



මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය මස 13 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී සැකකරුවන් 346 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, දිවයින පුරා සිදු කළ වැටලීම් 345කදීයි. 

හෙරොයින් ග්‍රෑම් 127ක්, අයිස් ග්‍රෑම් 173ක්, ගංජා ග්‍රෑම් 730ක් සහ ගංජා ගස් 35,784ක් එම මෙහෙයුම්ලදී පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.