Wednesday, April 9, 2025

General line - 0115112241

ඉන්දියාවේ දරුණු නායයෑමක් - පුද්ගලයින් 36කට ජීවිත අහිමිවෙයි



ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

කේරළ ප්‍රාන්තයේ වයනාද් දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයක් ආශ්‍රිතව එම නායයාම සිදුව තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අංශ සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එක්ව එම නායයාම සිදුවූ ප්‍රදේශය ආශ්‍රිතව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

කේරළ ප්‍රාන්තයට ඇදහැලෙන ධාරණිපාත වර්ෂාව හේතුවෙන් එම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක ගණනාවකින් ආපදා වාර්තා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් අනාවරණ කළේ.