Thursday, April 10, 2025

General line - 0115112241

එංගලන්ත ක්‍රිකට් පුහුණුකාර ධූරයට සංගක්කාරගේ නමත් කියවේ



එංගලන්ත එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු කුමාර සංගක්කාරද අපේක්ෂකයෙකු වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස ප්‍රධාන පුහුණුකරු ධූරය දරණ මැතිව් මොට් ලබන සතියේ එම ධූරයෙන් ඉවත් වීමට නියමිතයි.

හිටපු ඕස්ට්‍රේලියානු  ක්‍රීඩක මයික් හසී සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ වර්තමාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් ද එම ධූරය සඳහා සලකා බලනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.