Friday, April 11, 2025

General line - 0115112241

විජයදාසත් ජනාධිපතිවරණයට ඇප බඳියි



එළඹෙන ජනාධිපතිවරණය සඳහා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇප තැන්පත් කර තිබෙනවා.

ඒ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන් අනතුරුව ඔහු මෙලෙස ඇප තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 07 දෙනෙකු ඇප තැන්පත් කර අවසන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඒ අතරට අයත්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නම් කිරීම ලබන සතියට කල් දැමීමටයි එම පක්ෂය තීරණය කර ඇත්තේ.