Tuesday, March 11, 2025

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් තිදෙනෙකු මැදවච්චියේදී අත්අඩංගුවට



මැදවච්චිය කණදරාව හන්දිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙට්ටිකුලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 930ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා මැදවච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.