Tuesday, March 11, 2025

General line - 0115112241

යුද, ගුවන්, එස් ටී එෆ් හා පොලිසිය හම්බෙගමුවේ විශේෂ මෙහෙයුමක

ජයන්ත වීරසේකර



යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේ  විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා.

එහිදී ගංජා හේන් හතක් වටලා ගංජා ගස් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම ගංජාවල වටිනාකම රුපියල් කෝටියකට අධික වනවා.

සැකකරුවන් සිව්දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසූවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.