Tuesday, March 11, 2025

General line - 0115112241

බෙදී ජයග්‍රහණ සමරන යුගය ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අවසන් කරන බව අනුර කොළඹදී කියයි

නිහාල්සිරි ගම්ලත්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නුවරඑළියේ පැවති ජන හමුවකදී මෙලෙස අදහස් පල කළා.


කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ බෙදී ජයග්‍රහණ සමරන යුගය සිය පාලනයක් යටතේ අවසන් කරන බවයි.



මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිවිටෙකත් ප්‍රතිපත්ති කඩ නොකරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

රත්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.


පැවති අර්බුධයෙන් රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු බව ජනතාවගේ මතය යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.