Tuesday, March 11, 2025

General line - 0115112241

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්



ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 10 දෙනා අද යළි බන්ධනාගාර ගත කෙරුණා.            

ඒ, සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අධිකරණය නියෝග කළේ ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 10 දෙනා අගෝස්තු 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

පසුගිය 08 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කරන අතරතුර එල්ල වූ වෙඩි ප්‍රහාර හමුවේ තුවාල ලැබූ ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

එහිදී තවත් කිහිප දෙනෙකු තුවාල ලැබුවා.