Tuesday, March 11, 2025

General line - 0115112241

බංග්ලාදේශ විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුව අත්පත් කර ගනී



බංග්ලාදේශයේ විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුව අත්පත් කරගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එරට රජයේ රැකියා ලබාදීමේ කෝටාව සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් තීරණයට විරෝධය පල කරමින් සිසුන් මාසයක පමණ කාලයක සිට විරෝධතාවක නිරත වන බවයි.

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට ධූරයෙන් ඉවත් වන ලෙසට ද විරෝධතාවයේ නිරත වූ පිරිස් බලකර සිටියා.

එවන් පසුබිමක් තුළ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ධූරයෙන් ඉවත් වී ඉන්දියාවට පලා ගියා.

ඒ අනුව බංග්ලාදේශයේ අන්තර් පාලනයක් ස්ථාපිත කරන බවට එරට හමුදාපතිවරයා පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.