Tuesday, March 11, 2025

General line - 0115112241

මෙවර ජනාධිපතිවරණයට වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලැබූ දිස්ත්‍රික්ක මෙන්න



මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පසුගිය මැයි මාසයට අවුරුදු 18 සම්පූර්ණ වූ පිරිස් ද ඒ අතර වන බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 18 ලක්ෂ 81 129ක් වනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 17 ලක්ෂ 65 351 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 14 ලක්ෂ 17 226ක් මෙවර ජනාධිපතිවරණයේ ලියාපදිංචි ඡන්ද දායකයින් වනවා.