Tuesday, March 11, 2025

General line - 0115112241

තහනම් කෘෂි රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට



මෙරටට ආනයන කිරීම තහනම් කරන ලද කෘෂි රසායනික වර්ගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

අදාළ මෝටර් රථයේ තිබී තහනම් කරන ලද කෘෂි රසායනික ලීටර් 05 බැගින් වූ කෑන් 20ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා නුවරඑළිය හා ගෝනවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.